Educational - අධ්‍යාපනික
මුහුදු සත්තු | Muhudu Saththu
Original price was: Rs 200.00.Rs 180.00Current price is: Rs 180.00.විද්‍යා විනෝද කතා – IV
මුහුදු වෙරලාසන්නයේ ජීවත්වන මුහුදු ජීවීන් සය දෙනෙකුගේ හැඩ හුරුකම් හා ජීවන රටාව මෙහි විස්තර වන්නේ කුහුල දනවන අයුරිනි. එය වූ කලී කුඩා දරුවන් හා එක්ව මුහුදු වෙරළේ කෙරෙන ගවේශන අධ්‍යයන චාරිකාවක් වැන්න.
වෙස් මාරුකරන සත්තු | Ves Marukarana Saththu
Original price was: Rs 175.00.Rs 155.00Current price is: Rs 155.00.විද්‍යා විනෝද කතා – III
අප ඇසුරේ ජීවත් වන කුඩා සතුන්ගේ ස්වභාවික ගති පැවතුම් සහ ඔවුන්ගේ ජීවන රටාව විද්‍යානුකූලව සහ රසවත් ලෙසින් හඳුන්වා දෙන විද්‍යා විනෝද කථා පොත් පෙළේ තෙවැන්න මෙයයි.
මෙහි ඇතුළත් සිත් අදනා විද්‍යාත්මක තොරතුරු ළමා ළපටින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද නැණ නුවණ වඩනු නිසැකය.
කුරුකුහුඹු සත්තු | Kurukuhumbu Saththu
Original price was: Rs 175.00.Rs 155.00Current price is: Rs 155.00.විද්‍යා විනෝද කතා – II
අපගේ ගෙදර දොර ආශ්‍රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන කෘමි සතුන් හය දෙනෙකු පිළිබඳව ශාස්ත්‍රීය කරුණු අනාවරණය කරන මෙම කුඩා පොත පළමු වරට පළ කරන ලද්දේ 1934 වසරේදී ය.
එවක අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් ද පාසල් කියවීම් පොතක් ලෙස අනුමත කරන ලද මෙම පොත දරුවන්ගේ නුවණ වඩන,සිත් අලවන භාෂා රීතියකින් යුතුව රචනා කොට ඇත. කුහුඹුවා, බිංකුන්ඩා, ඇවිදින කොළයා, තණ ගිරවා, යාතිකා ගිරවා සහ ලෑටි යන කෘමීන් පිළිබඳ අප නොදන්නා තොරතුරු රැසක් මෙම පොතට ඇතුළත් වෙයි.
කුරුමිණි සත්තු | Kurumini Saththu
Original price was: Rs 200.00.Rs 180.00Current price is: Rs 180.00.විද්‍යා විනෝද කතා – I
මිදුල්වලත් ගෙවලත් දකින්නට ලැබෙන රෑ බදුල්ලා, කුරුමිණියා, කුඹල් මැස්සා, මකුළුවා, කැරපොත්තා සහ ගස් කුරුමිණියා යන කුඩා සතුන්ගේ ස්වාභාව, ගති, පැවතුම්, ආහාර සහ පැටවුන් ගැන තොරතුරු මෙම පොතට ඇතුළත් වේ.
”…. ඇවිදින පහනක් වැනි රෑබදුල්ලා කුඩා ළමයින්ට ඉතා පුදුම සතෙකි.ඌ අල්ලා බැලීමට කුඩා ළමයි ආශා වෙති.ළමයින්ගේ සිත් ඇදී යාමට හේතුව උගේ පිටිපස දැල්වෙන කුඩා පහන ය.උගේ පුදුම ජීවිත කථාව ඇසුව හොත් වැඩිහිටියන්ගේ සිත් වුවත් ඌ කෙරෙහි ඇදෙන්නේ ය.ඌ අල්ලා ගෙන බලන්නට සිතෙයි.”
සිංහල ලකුණ | Sinhala Lakuna
Original price was: Rs 350.00.Rs 315.00Current price is: Rs 315.00.දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවෙකුගේ අත්දැකීම් වලට සමාන වෙයි. ගස් කොළන් ඇල දොල ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවෙකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ.
1940 වසරේදි පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර – විශේෂයෙන් ළමා පාඨකයින් අතර බෙහෙවින් ප්‍රචලිත වු කතා සංග්‍රහයකි.
මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහා ගත හැකිය.