මහල්ලා සහ මුහුද | Mahalla Saha Muhuda

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

The Old Man And The Sea
by Ernest Hemingway

පොලියානා | Pollyanna

Original price was: Rs 1,250.00.Current price is: Rs 1,000.00.

Pollyanna
by Eleanor H. Porter

යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැඟීම්වලින් මඩනා ලද බව සත්‍යයකි.

එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක් වේ….. යොවුන් පාඨකයන් අතර තාරුණයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හැදයංගම ලෙස ප්‍රිය වේ.

ඒ චරිත විටක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.

#poliyana

හයිඩි | Heidi

Original price was: Rs 600.00.Current price is: Rs 480.00.

Heidi
by Johanna Spyri

වයසට වඩා මුහුකරා ගිය බුද්ධියක් දැරියට ඇති බව සීයා තේරුම් ගත්තා. ඔය වැඩපොළ කරන අතරේ හිරු අවරට යමින් තිබුණා. දේවදාර ගස්වල අතු ඉති සොලවමින් සැන්දෑ සීත සුළග හමා ආවා. කදු මුදුනේ සිට පහළට දිව එන සතුන්ගේ කුර හඩත් සමග කිසිවකු කෑකෝ ගසමින් උන් දක්කාගෙන එනු ඇසුණා. එවිට නැන්දා කී දෙයක් හයිඩිට සිහිපත් වී ඇගේ මුවගේ සිනා රැල්ලක් ඇදි ගියා.

ටොම් සෝයර් | Tom Sawyer

Original price was: Rs 290.00.Current price is: Rs 230.00.

The Adventures of Tom Sawyer
by Mark Twayn

නැන්දණියට හොරෙන් මිතුරන් සමඟ සෙල්ලමට යන “ටොම් සෝයර්”, නැන්දණිය‍ගෙන් බේරීමට දරණ තැන හාස්‍ය රසය ඇති කළද සමස්ථයක් වශයෙන් ගත් කල එකී චරිත තුළ අනුකම්පාව, කෙළෙහිගුණ සැලකීම ආදී ගුණාංගද ගැබ්වී ඇත.

ජිමී සහ පොලියානා | Jimmy Saha Pollyanna

Original price was: Rs 760.00.Current price is: Rs 605.00.

Pollyanna Grows Up
by Eleanor H. Porter

පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය.යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහර ය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හදුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යයයොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයෙකුට වුව හෘදයාංගමය.

#jimi saha poliyana

හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය (පොත් 15) | Hathe Kalliye Wikrama

Original price was: Rs 4,750.00.Current price is: Rs 3,690.00.

The Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම පොත් කට්ටලය

01. කෙරි බ්ලූ වික්‍රමය – පිටු 96
02. මුතු මාලයේ වික්‍රමය – පිටු 96
03. එම්බර් වීදියේ වික්‍රමය – පිටු 96
04. චීකි චාලි වික්‍රමය – පිටු 96
05. ගල් අඟුරු වළේ වික්‍රමය – පිටු 96
06. සිඩ්ගේ අවන්හලේ වික්‍රමය – පිටු 96
07. තැපැල් මලු අබිරහස – පිටු 96
08. හිස් නිවහනේ වික්‍රමය – පිටු 96
09. අස්හලේ කොලුවාගේ අබිරහස – පිටු 96
10. වයලීන වික්‍රමය – පිටු 112
11. ගිනි මැළයේ වික්‍රමය – පිටු 96
12. ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය – පිටු 96
13. සුනඛ චෞර වික්‍රමය – පිටු 96
14. බ්‍රැම්ලේ වනාන්තරයේ වික්‍රමය – පිටු 96
15. බ්‍රවුනි වික්‍රමය – පිටු 96

ඔලිවර් ට්විස්ට් | Oliver Twist

Original price was: Rs 450.00.Current price is: Rs 360.00.

Oliver Twist
by Charles Dickens

වන මැද සරසවිය | Wana Mada Sarasawiya

Original price was: Rs 400.00.Current price is: Rs 320.00.

“කෝසලගේ හිනාව වන්නි පොලවේ පීදුණු කරඹ මලක් වගේ ඒ තරමට ලස්සනයි. ඊටත් වැඩ ආදර්ශවත් කෝසල හේන් කෙටුවා – ගොවිතැන් කළා. පොළවල් ගානේ ගිහින් බදු වික්කා. ඒ අතර මහන්සියෙන් ඉගෙන ගත්තා. ඒ වගේමයි, මල්ලිටත් ඉගැන්නුවා. ඇත්තෙන්මයි, සරසවියක් වූ කොසලගේ යෞවනය, වන මැද සරසවිය යොවුන් කතාවෙන් දිග හැරෙනවා.

 

#wana meda sarasawiya #vana meda sarasaviya

හරි පුදුම ඉස්කෝලේ | Hari Puduma Iskole

Original price was: Rs 860.00.Current price is: Rs 685.00.

Totto-Chan The Little Girl at the Window
by Tetsuko Kuroyanagi

ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනූ රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.

බ්ලැක් බියුටි | Black Beauty

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Black Beauty
by Anna Sewell

“නළලේ සුදු පැහැති තරුව, එක පාදයක සුදු පැහැ ළපය, කෝ බලන්න…”

ඔහු කියවමින් මගේ බෙල්ල පරීක්ෂා කර බලා උඩ පැන්නා.

“මේ තියෙන්නේ අනිත් ලකුණ. මං මෙයා ගැන හරියකට හෙවුවේ බැලුවෙ නැති දවසක හීතලේ ගැහිල ලෙඩ වුණා. එදා ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහපු තැන මේ බලන්න මැඩම්..! මේ තමයි බ්ලැක් බියුටි… බ්ලැක් බියුටි…! ඔයාට මාව මතකද? මං තමයි ජෝ ග්‍රීන්.”

ඔහු සතුටින් කෑ ගැසුවා. ඒ තරම් සතුටු වෙන මිනිසෙක් මින් පෙර මා දැක තිබුණේ නැහැ. ඇත්තටම මා මේ දකින්නේ සිහිනයක්ද?

අමේසන් වික්‍රමය – කුමාර සිරිවර්ධන | Amazon Wikramaya

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Amazon Adventure
by Willard Price

ලොව දිගම ගංගාව නයිල් වූවත් ලොව විශාලතම ගංගාව අමේසන්ය. අමේසන් ගංගාවේ විශාලත්වය ඔබට මට සිතාගන්නට පවා අපහසුය. අමේසන් ගංගාවේ සමහර තැන්වල පළල සැතපුම් දහසක් පමණ වේ. අන්දිස් කඳුවැටියෙන් ඇරඹෙන මෙම මහා ගංගාව මහද්වීපයේ නැගෙනහිර දෙසට සැතපුම් හාරදහසක් පමණ දුර ගෙවා පැමිණ දකුණු ඇමරිකාවේ උතුරු දිග වෙරළේදී අත්ලාන්තික් සාගරයට වැටෙන්නේ හරියටම සමකයට යටිනි. මෙම ගංගාවේ ජලය කෙතරම් බලවත්ව මුහුදට වැටෙන්නේද යත් එම ජලය මුහුදු ජලය හා මිශ්‍ර නොවී සැතපුම් දෙසීයක් පමණ මුහුද ඇතුළට ගමන් කරයි. ගොඩබිම ඇතුළට සැතපුම් හාරසියයක් පමණ දුර යනතුරු ගංගාවේ විශාල දියරැලි නැගෙන අතර ගඟ දින්ගේ සැතපුම් තුන්දහසක් පමණ දුර ගොඩබිමේ ඇතුළට විශාල නෞකාවලින් ගමන් කිර්මට පුළුවන. අමේසන් නදිය ආශ්‍රිත අමේසන් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූනය. එම වනාන්තරයේ තවමත් මිනිසුන් පය නොගැසු ස්ථාන තිබේ. මේ එම මිනිසුන් පය නොගැසූ බිහිසුණු අමේසන් වනාන්තරයේ අපූර්ව සංචාරයකට පාඨක ඔබට කෙරෙන ඇරයුමකි.

#amesan wikramaya amezan

වයලීන වික්‍රමය | Vayalina Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Puzzle for the Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 10

දුප්පත් බෝලන් පවුලේ නිවහන ගිනි ගෙන විනාශ වෙයි. හතේ කල්ලිය එම පවුලට උපකාර කිරීමට මූලික වෙති. ඒ අතරතුර නගරයේ වෙළෙඳ සලක කවුළුවක් බිඳ අගනා හා පැරැණි වයලීනයක් සොරා ගැනෙයි.

මහ රෑ කන්ද මුදුනෙන් ඇසුණු ළතෝනිය කුමක්ද?

කුඩා බිලිඳකු සිටි ජෑම් කරත්තය හනේ කල්ලියේ අවධානයට ලක්වූයේ මන්දා?

තැපැල් මලු අබිරහස | Thapal Malu Abirahasa

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Secret Seven Win Through
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 07

හතේ කල්ලියේ අලුත්ම මූලස්ථානය වූයේ ගල් ගුහාවකි. නමුත් ඔවුන් වහා වටහාගන්නේ රාත්‍රියේ එහි ඇතුළු වන කිසිවකු තමන්ගේ භාණ්ඩ සොරා ගන්නා බවයි.

ඇල්බට් ටැනර් හා පඹයන් අතර වූ සම්බන්ධය කුමක්ද?

තැපැල් මලු ගුහාවේ සැඟවීමට ඔවුනට එහි ඇතුළුවීමට රහස් දොරටුවක් තිබිණිද?

හිස් නිවහනේ වික්‍රමය | His Niwahane Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Three Cheers, Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 08

සුසී ගේ ගුවන් යානය බාට්ලීට් වත්තට පියාසර කරමින් අතුරුදහන් වූයේය. එය සොයා ගිය පීටර්ට ජනේලයකින් පෙනුණු රතු ගිනි දැල්ල කුමක්ද?

නිවහන හිස්ව, එහි යතුරු බැංකුව භාරයේ තිබියදී ඊට අනවසරයෙන් ඇතුළුවීමට පෙලඹී ඇත්තේ කවුරුන්ද? ඒ කුමකටද?

අයිතිකරුවන් විදේශගතව සිටිනා හෙයින් එහි ඇති බඩුභාණ්ඩ සොරා ගැනීම ඒ අයගේ අරමුණද?

සිඩ්ගේ අවන්හලේ වික්‍රමය | Sidge Awanhale Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

God Work, Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 06

මෝටර් රථ සොරකමේ ඇසින් දුටු සාක්ෂිකරුවෝ පීටර් සහ ජැනට් වූහ. එම සොරුන් කවුරුන්දැයි සෙවිය යුතු වූයේ හතේ කල්ලියයි.

සිඞ් ගේ අවන්හල ඉදිරිපිට පඹයකු ලෙස සිටියේ කවුරුන්ද?

ඉදිරිපස බොත්තමක් අඩු වැහි කබායේ ඇති වැදගත්කම කුමක්ද?

ගිනි කෙළිවලට වැඩියෙන් ළං වීම අවදානම් සහගතය.

කෙරි බ්ලූ වික්‍රමය | Keri Blue Wikramaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

The Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 01

ගම්මානය කෙළවර පාළු නිවහනේ සඟවාසිටිතැයි සැක කෙරුණු සිරකරුවා කවරෙක්ද?

වී සිරකරු සොයා පාළු නිවහන ට ඇතුළු වූ හතේ කල්ලියේ සාමාජිකයන්ට දැකගන්නට ලැබුණේ මොනවාද?

ඔවුන් තැනූ හිම මිනිසුන් සිව්දෙන එකවර සය දෙනකු වූයේ කෙසේද?

අප්පුහාමිගේ පුස්තකාලේ | Appuhamige Pusthakale

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

සතියෙන් සථිඅ ඔහුට දැක ගැනීමට හැකි වුයේ පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ක්‍රමයෙන් ඉදිරියට යන ආකාරයයි. මීට ටික කලකට පෙර තම නිවසේදී “මඩොල්දූව” පොතින් ඇරඹි පුස්තකාලය මේ තරම් දුරක් ගොස් ගමට වැඩදායක ස්ථාවර පුස්තකාලයක් බවට පත්වේයැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත.
එහෙත් එය එසේ සිදුවිය.
තමා එහි මුලරම්භකයා යැයි සිතන විට ඔහුට ඇති වෙන්නේ බලවත් සතුටකි.

ගෙදර යන අතරමග | Gedara Yana Atharamaga

Original price was: Rs 380.00.Current price is: Rs 305.00.

On the Way Home
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 10

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් සහ වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමඟ දකුණු ඩකෝටාවේ, ඩි ස්මෙට් නගරයේ ජීවත් වූ නිවස අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දූවිලි ගොඩවල් බවට පත්වී තිබිණි. වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැල පටවා ගෙන, නෑදෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ.

ලෝරා ඒ ගමන් විස්තර දිනපොතක ලීවාය. මේ, ජීවිතයේ ඉතිරි කාලය පුරා සදාකාලික සතුටු ලබා දෙනු ඇති අලුත් නිවසක් සොයා දින 45ක කාලයක් තිස්සේ සැතපුම් 650ක දුරක් ගෙවා ගිය ඒ ගමනේදී ඈ ලියූ දින සටහන් පෙළයි.

ගිනි මැළයේ වික්‍රමය | Gini Melaye Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Secret Seven Fire Works
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 11

ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තූනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.

ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුසී දුෂ්ට වූයේද?

අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?

අස්හලේ කොලුවාගේ අබිරහස | Ashale Koluwage Abirahasa

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Secret Seven Mystery
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 09

හතේ කල්ලියට ආරංචි වන්නේ මුදල් සොරකමක් ගැන චෝදනා ලැබ නිවෙසින් පලා ගිය පාසල් ශිෂ්‍යාවක පිළිබඳ ය.

කල්ලිය ඇය සොයා බේලින්ග් ගම්මානය පීරති. සොනින්ග් මහත්මියගේ නිවහනට රාත්‍රීන්හි හොරෙන් ඇතුළුව ආහාර සොරා ගන්නේ කවුරුන්ද?

අස්හලේ සේවක කොලුවා ඇය ගැන දැන සිටින්නේ මොනවාද? පීටර් එකවර උමතු වන්නේ මක් නිසාද?

මෝබි ඩික් | Moby Dick

Original price was: Rs 650.00.Current price is: Rs 520.00.

Moby Dick
by Herman Melville

බ්‍රවුනි වික්‍රමය | Browney Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Fun for the Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 15

බ්‍රවුනි නමැති අශ්වයාගේ පාදයක් බිඳී ගියේ කාගේ වරදින්ද? ටොලි එම අශ්වයට වෙඩි තබා මරා දැමීමට එරෙහි වූයේය. ඔහුගේ පිහිටට එන්නේ හතේ කල්ලියයි.

එහෙත් අශ්වයන් පැහැරගෙන යාමට සොරුන් පැමිණෙන විට ඔවුන් සිටියේ කොහිද ?

පීටර් තද නින්දේය. ජැනට් හට පමණක් වී සොරුන් මෙල්ල කළ හැකිද?

ටොර්ලින්ග් මාලිගයේ වික්‍රමය | Torling Maligaye Wikramaya

Original price was: Rs 300.00.Current price is: Rs 240.00.

Good Old Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 12

ඉපැරැණි ටොර්ලින්ග් මාලිගයේ කුලුනක කිසිවකු සැඟව සිටින බව හැඟී යයි.

ඒ අතරතුර හතේ කල්ලිය සතු දුරදක්නය ද සොරා ගැනෙයි. එය ගං පත්ලේය.

චිත්‍ර අඳින කාන්තාව සුසී හා පවසන්නේ මොනවාද?

මාලිගයේ බිම් කුටියේ ඇති රෙදි කඩමාලු මොනවාද?

රොබින්සන් කෲසෝ – සුසර | Robinson Crusoe

Original price was: Rs 250.00.Current price is: Rs 200.00.

Robinson Crusoe
by Daniel Defoe

මේ අයුරින් කාලය ගෙවී ගියා මිස මට මෙම දුපතින් පිටවී යාමට තවමත් මාර්ගයක් උදාවුයේ නැත. මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී සිත තුළ ඇතිවන හැඟීම් සංකීර්ණය. තාත්තා දුන් අවවාද වලට පිටුපා ගෙදරින් පැන ආදා පටන් මේ දක්වා ගත කළ අන්දම සැබවින්ම සහගත නොවන්නේද? අන්තිමට කුණාටුවට හසුවී ගසාගෙන ගිය නැව බලන්නට මා දැනුදු විටින් විට යන්නේ නිකන්ම නොවේ. කෙසේ හෝ එය අලුත්වැඩියා කොට යාත්‍රා කිරීමට තත්වයට සකසා ගත හැකිද බැලීමටය. නමුදු යළි යාත්‍රාකළ නොහැකි අන්දමින් එය විනාශවී ගොස් ඇත.

සුන්දර කළු අසු | Sundara Kalu Asu

Original price was: Rs 700.00.Current price is: Rs 560.00.

Black Beauty
by Anna Sewell

ලුබ්නේට් කන්ද අසලට එන තුරු මා සාමාන්‍ය අන්දමින් ගමන් කළ ද, අධික බරත් මාගේ හෙම්බත් වීමත් තවදුරටත් දරාගැනීමට මා හට අසීරු විය. කස පහර කමින්, තෝන් ලණුවෙන් ඇදීම් නිසා පීඩා විඳිමින් මම මහත් පරිශ්‍රමයක් දරමින් යෑමට තැත් කළෙමි. එක මොහොතකදී එය කෙසේ විණිදැයි මට කිව නොහැකි වුවත් මගේ පාදය මගේ සිරුරට යටින් ලිස්සා ගිය අතර මා මහත් වේගයෙන් එක පසෙකට වැටිණ. මා බිම පතිත වූ වේගයත් ඉක්මනත් නිසා මගේ සිරුරේ වූ සියලු හුස්ම පිට වූ බව පෙනිණ. මම නිසලව වැතිර සිටියෙමි. සැබවින්ම මට සෙලවීමට ශක්තියක් නොවීය. මා සිතුවේ මා මියයමින් සිටිතැයි කියාය. අර අනුකම්පා සහගත සුමිහිරි හඬ “අයියෝ, අසරණ අස්සයා. මේ ඔක්කොම අපේ වැරැද්ද” යි කිවූ බව මට ඇසුණේ යයි මට සිතිණ. තවත් අයෙක් “එයා මැරිලා. එයා ආයෙ නැගිටින්නෙ නැහැ” කියා පැවසුවේය. අනතුරුව පොලිස් නිලධාරියෙකු අණ දෙන හඬ මට ඇසුණද මම දෙනෙත් නොහැරියෙමි. මට කළ හැකි එකම දෙය වූයේ ඉඳහිට හුස්මක් ගැනීම පමණි.

ගල් අඟුරු වළේ වික්‍රමය | Gal Anguru Wale Wikramaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

Go Ahead, Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 05

හිස් බිම් කඩක් වෙත ගෙන යන බල්ලන් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?

හිස් වැස්මකින් මුහුණ ආවරණය කරගෙන සිටින හතරැස් මුහුණැත්තා කවරෙක්ද?

පොලීසියට අවශ්‍ය ව සිටින තට්ට හිසක් හා මුහුණේ කැළලක් සහිත අපරාධකරුට හසුවූ ළමයින්ගේ ඉරණම කුමක්ද?

මුතු මාලයේ වික්‍රමය | Muthu Malaye Wikramaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

Secret Seven Adventure
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 02

රතු ඉන්දියානුවන් ලෙස වෙස්වලා ගත් හතේ කල්ලිය ක්‍රීඩා කරමින් සිටියහ.

හදිසියේ පීටර්ට දැකගත හැකි වුයේ එහි අමුතු මිනිසෙකුද සැඟව සිටින අන්දමය. අසල පිහිටි මන්දිරයේ නැතිවූ මුතු මාලය සොරාගත්තේ එම මිනිසාද?

සිංහයන් කිහිප දෙනෙකු එක්ව එම මුතු මාලය ආරක්ෂා කළේ මන්ද?

කදිම පාසලේ නායිකාවෝ | Kadima Pasale Nayikawo

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The Twins at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 06

නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසැලේ ඉහළම පන්තියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසැලට අලුත් ශිෂ්‍ය නායිකාවක තොරන්නටය. වඩාත් හොඳින් වගකීම් දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද…?

එම්බර් වීදියේ වික්‍රමය | Ember Vidiye Wikramaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

Well Done, Secret Seven
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 03

හතේ කල්ලියට අයත් වූ රුක් නිවහනට අනවසරයෙන් නැගගත් අමුත්තෙකි.

අබිරහසක් පිළිබඳ හොඳ හෝඩුවාවක් ඔහු සතුව තිබිණි.

රතු කොට්ටයක්, ගරාදි වැටක් සහ එමා ලේන් සොයා ගතහොත් අබිරහස විසඳිය හැකි බවක් හතේ කල්ලියට දැනිණි.

තැනිතලාවේ පිහිටි කුඩා නගරය | Thenithalawe Pihiti Kuda Nagaraya

Original price was: Rs 1,450.00.Current price is: Rs 1,160.00.

Little Town on the Prairie
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 07

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිටල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.

පිප්පි දකුණු මුහුදේ | Pippi Dakunu Muhude

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Pippi in the South Seas
by Astrid Lindgren

චීකි චාලි වික්‍රමය | Chiki Charley Wikramaya

Original price was: Rs 350.00.Current price is: Rs 280.00.

Secret Seven on the Trail
by Enid Blyon

හතේ කල්ලියේ වික්‍රම 04

සන්ධ්‍යාවේ හය වන විට තදින් මීදුම පැතිරෙනු ඇත. ඒ අතරතුර දුම්රියක් වැරැදී පීල්ලකට යොමු කරවුවහොත් සිදුවන්නේ අනතුරක්ද? මහා පරිමාණ සොරකමක්ද?

වැරැදි පීල්ලකට ඇතුළු කරවන දුම්රිය ගබඩා අංගණයක් මැද නතර කෙරෙන නමුත් රියැදුරුට හා නියාමකවරයාට සැනසී සිටින්නට හැකි වේවිද?

කදිම පාසලේ දුෂ්ට පාලිකාව | Kadima Pasale Dushta Palikawa

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

Claudine at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 05

කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුරු ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලාම්කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව, කේළාම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන් ද…?

රිදී විල් තෙර | Ridee Wil Thera

Original price was: Rs 1,150.00.Current price is: Rs 920.00.

By the Shores of Silver Lake
by Laura Ingalls Wilder

Little House – ලිට්ල් හවුස් 05

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි.

මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.

#ridi vil thera

ලොන්නේබැරියේ එමිල් | Lonnebariye Emil

Original price was: Rs 600.00.Current price is: Rs 540.00.

Emil i Lonneberga
by Astrid Lindgren

සෆාරි වික්‍රමය | Safari Wikramaya

Original price was: Rs 890.00.Current price is: Rs 710.00.

Safari Adventure
by Willard Price

අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද?

ඒ කුහුඹු -වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දැන සිටියේද? එහෙත් කුහුඹු වලසෙකු දඩයම් කර ගැනීම වනාන්තරයේ රජා වූ සිංහයාටද පහසු නැත.ඒ මිනිත්තුවක් දෙකක් ඇතුළත සිටි තැනින් අතුරුදහන් වන්නට උගේ ඇති දක්ෂතාව නිසාය. කුහුඹු -වලසා සිටි තැනින් එකවර අතුරුදහන් වන්නේ කෙසේද?

ලොව වේගවත්ම සත්ත්වයා චීටා ඉතාමත් මිත්‍රශීලි සතකු බවත් ඌ මස් අනුභව කරනවාට වඩා කරන්නේ ගොදුරේ ලේ උරා බීම බවත් ඔබ දැන සිටියේද? බයො බැබ් ගස් පිළිබඳ ඔබ දැන සිටියේ මොනවාද? අඩි පනහක පමණ උසට අඩි හැටක පමණ වට ප්‍රමාණයකින් යුතුව වැවෙන බයො බැබ්ගස්වල කඳ අභ්‍යන්තරය විශාල කුහරයක් බවත් ඒ ඇතුළත මිනිසුන් විසි පස් දෙනෙකුට පමණ ලැගුම් ගත හැකි බවත් ඔබ දැන සිටියේද?

කදිම පාසලේ සසල රාත්‍රිය | Kadima Pasale Sasala Rathriya

Original price was: Rs 750.00.Current price is: Rs 600.00.

Summer Team at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 03

ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට අතුළු වෙයි. ඇගේ ජීවිතයේ සඟවාගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරවන්නට ඇය උගත්තේ කෙසේද?

කදිම පාසලේ මහ රෑ සාදය | Kadima Pasale Maha Re Sadaya

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The Twins at St Clare’s
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 01

කදිම පාසලේ වීරවරිය | Kadima Pasale Weerawariya

Original price was: Rs 550.00.Current price is: Rs 440.00.

The O’Sullivan Twins
by Enid Blyton

කදිම පාසල් පොත් පෙළ අංක 02

පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරී ඉතා දර දඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනෙයි. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්… එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටියි.

මුහුදු සත්තු | Muhudu Saththu

Original price was: Rs 200.00.Current price is: Rs 180.00.

විද්‍යා විනෝද කතා – IV

මුහුදු වෙරලාසන්නයේ ජීවත්වන මුහුදු ජීවීන් සය දෙනෙකුගේ හැඩ හුරුකම් හා ජීවන රටාව මෙහි විස්තර වන්නේ කුහුල දනවන අයුරිනි. එය වූ කලී කුඩා දරුවන් හා එක්ව මුහුදු වෙරළේ කෙරෙන ගවේශන අධ්‍යයන චාරිකාවක් වැන්න.