ධනවත් පියා, දිළිඳු පියා | Dhanawath Piya, Dilindu Piya

Original price was: Rs 900.00.Current price is: Rs 720.00.

Rich Dad, Poor Dad
by Robert T. Kiyosaki with Sharon L. Letcher

Rich Dad, Poor Dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

#danawath dhanavath danavath dilidu

අලිබාබා ජැක් මා | Alibaba Jack Ma

Original price was: Rs 800.00.Current price is: Rs 640.00.

The House That Jack Ma Built
by Duncan Clark

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලිබාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? “අලිබාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.

අපූරු මිනිසෙක් | Apuru Minisek

Original price was: Rs 980.00.Current price is: Rs 780.00.

Steve Jobs
by Walter Lsaacson

ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක.

කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.

සාර්ථක වන්නේ මෙහෙමයි | Sarthaka Wanne Mehemayi

Original price was: Rs 1,450.00.Current price is: Rs 1,160.00.

Success Basics
by Moh Hon Meng

වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි?

“සාර්ථක වන්නේ මෙහෙමයි” නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුත් ඔසවා තබන්නට මේ ග්‍රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අයගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.

බිස්නස් පිස්සුව | Business Pissuwa

Original price was: Rs 1,000.00.Current price is: Rs 800.00.

විරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!

” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.

#bisness bisnas

සිංගප්පුරු කතාව | Singappuru Kathawa

Original price was: Rs 1,410.00.Current price is: Rs 1,270.00.

The Singapore Story
by Lee Kuan Yew

ශ‍්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
– මහාචාර්ය වෝල්ටර් මාරසිංහ

11:11

Original price was: Rs 1,500.00.Current price is: Rs 1,200.00.

සිහිනයක් සැබෑවීමට නියමිතයි

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.

මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

පොහොසත් වන්න. සතුටින් සිටින්න. | Pohosath Wanna. Sathutin Sitinna.

Original price was: Rs 1,200.00.Current price is: Rs 1,020.00.

Be Rich & Happy
by Robert T. Kiyosaki

මෙම ග්‍රන්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩ කීපයක්ම ඇත.ඉන් පළමුවැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පණිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පණිවිඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත්කර ගැනීමට නොහැකි බවය.මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කරගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීමද තවත් වැදගත් කාරණයකි.

ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ අතිශය ජනප්‍රිය කෘතියක් “Rich Dad – Poor Dad” කෘතියේ කතුවර රොබට් ටී. කියෝසාකි විසින් මෙම අගනා කෘතියද වචනා කර ඇත.