Biography - චරිතාපදාන
විජේවීරගේ නික්මයාම | Wijeweerage Nikmayama
Original price was: Rs 750.00.Rs 600.00Current price is: Rs 600.00.මරණ වරෙන්තුව නොහොත් විජේවීරගේ නික්මයාම
ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහිකරන්නේ තත්කාලීන පසුබිමේ බලපෑම තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදියා නොහොත් කැරලිකරුවා ද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි.
71 කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි.
පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත් වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවල නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේදී අප වටහා ගෙන ඇත. රෝහණ විජේවීර ද ලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තකු ලෙස සැලකීම වැරදි නැත.
#marana warenthuwa nohoth vijeweerage nikamayama
ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler
Original price was: Rs 490.00.Rs 390.00Current price is: Rs 390.00.අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
නෙල්සන් මැන්ඩෙලා | Nelson Mandela
Original price was: Rs 600.00.Rs 480.00Current price is: Rs 480.00.නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා ය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්වීතිය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චර්තාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.
වී. අයි. ලෙනින් | V. I. Lenin
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00. V. I. Lenin The Story of His Life
by Maria Prilezhayeva
බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joseph Stalin
Original price was: Rs 1,300.00.Rs 1,040.00Current price is: Rs 1,040.00.දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය.
ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ ලෝක ඉතිහාසයයි.
නොඇසූ දේ බොහෝ ඇති මේ කතාව කියවීම නවමු අත්දැකීමක් වනු ඇත.
අලිබාබා ජැක් මා | Alibaba Jack Ma
Original price was: Rs 800.00.Rs 640.00Current price is: Rs 640.00. The House That Jack Ma Built
by Duncan Clark
චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලිබාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? “අලිබාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.
රතු හිතුවක්කාරයා | Rathu HIthuwakkaraya
Original price was: Rs 700.00.Rs 560.00Current price is: Rs 560.00.ඔස්කා වයිල්ඩ් ජීවිත කතාව | Oscar Wilde Jeewitha Kathawa
Original price was: Rs 1,100.00.Rs 880.00Current price is: Rs 880.00. The Life of Oscar Wilde
by Hesketh Pearson
හෙස්කත් පියර්සන් එංගලන්තයේ වෝර්සෙස්ටර්ෂයර් ප්‍රදේශයේ ඉපිද බෙඩ්ෆෝඩ් නගරයේ රජයේ පාසලක අධ්‍යාපනය ලැබී ය. පාසල් අධ්‍යාපනය නිම කොට කෙටි කාලයක් එම නගරයේම ජීවත් වූ ඔහුගේ සිත ඇඳී ගියේ රංගන කලාව කෙරෙහි ය. ප්‍රථම ලෝක සංග්‍රාමය අවධියෙහි (1914-19) රජයේ ස්වේච්ඡා භට හමුදාවට බැඳී වසර තුනක් මෙසපොතේමියාව සහ පර්සියාව යන විදේශයන්හි හමුදා භටයෙකු ලෙස සේවය ඉටු කරමින් හමුදා කපිතාන්වරයෙකු ලෙසට උසස්විම් ද ලැබී ය. 1931 දක්වා යළිත් වේදිකා රංගනවේදියෙකු ලෙස කටයුතු කළ ඔහු චරිතාපදාන කෘති රචකයෙකු ලෙස සේවය කිරීම සඳහාම නළු දිවියට ද ආයුබෝවන් කියා ඇත. මෙම කෘතියට අමතරව පියර්සන් තම අතීත ඥාතිවරයෙකුව සිටි ඉරෑස්මස් ඩාර්වින් චරිතාපදාන කෘතිය මෙන්ම , මහා කවි ෂේක්ස්පියර්, ජෝන් නිකල්සන් , සිඩිනි ස්මිත්, ජොර්ජ් බර්නාර්ඩ් ෂෝ, වෝල්ටර් ස්කොට් , චාල්ස් ඩිකන්ස් ජොන්සන් සහ බොස්වෙල් ආදී ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්ගේ චරිතාපදාන කථා ද ඉතා සාර්ථක අයුරින් ලියා පළ කර ඇත. එංගලන්තයේ මෙන්ම ඇමෙරිකාවේ ද එම පොත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඇතැම් කෘතීන් ප්‍රංශ , ජර්මන්, ස්වීඩන් සහ ස්පාඤ්ඤ භාෂා වලට ද පරිවර්තනය වී තිබේ.