All Books
තෙත්සූයා නම් දුනුවායා | Thethsuya Nam Dunuwaya
Original price was: Rs 650.00.Rs 520.00Current price is: Rs 520.00. The Archer
by Paulo Coelho
“දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.”
#thethsuya nam dunuvaya
පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි | Piyedra Gangabada Hida Mama Welapunemi
Original price was: Rs 900.00.Rs 810.00Current price is: Rs 810.00. By the River Piedra I Sat Down and Wept
by Paulo Coelho
පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.
යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය | Yakshaya Saha Prime Menaviya
Original price was: Rs 980.00.Rs 880.00Current price is: Rs 880.00. The Devil and Miss Prym
by Paulo Coelho
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්. සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්. සන්තුෂ්ටිය සොයා යන තරුණියක්. එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය. ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?
යහපත ද එසේත් නැත්නම් නපුරද?
මේ චමත්කාරජනක නවකතාව තුළින් පවුලෝ කොයියෝ සෑම ආත්මයක් තුළ ම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි.අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත් වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම. යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය උද්වේගකර කතාන්දරයකි. එසේම එමඟින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයට ලක් කෙරේ.