All Books
ගිනි අවි සහ ගිනිකෙළි – දේශපාලන දඩයම් යුගය ඇරඹේ
Gini Avi Saha Ginikeli – Deshapalana Dadayam Yugaya Arambe
Original price was: Rs 475.00.Rs 425.00Current price is: Rs 425.00. අප ඉපදී හැදුන වැඩුන ගෞරවනිය ශ්‍රී ලංකාව අදටත් ගමන් කරනුයේ සොදුරු ඉසවූ වාසවූවක් කරා නොවන බව සහතිකය.මිනිසුන් බොහෝ මානව අයිතීන් අමු අමුවේ විනාශ කරමින්,මිනිසුන් ඝාතනය කරවමින්,රටේ සෑම සම්පතක්ම කිසිදු ලැජ්ජාවක් හෝ බියක් නොමැතිව කොල්ල කමින් අකණ්ඩව පවත්වාගෙන එන දේශපාලන බලය තව කොපමණ කාලයක් පවතී දැයි කිසිවෙකුට නිච්චය කල නොහැකිය.
– අනුර හොරේෂස්
ගිනි අවි සහ ගිනිකෙළි – පාතාල ලෝකයෙන් බිඳක්
Gini Avi Saha Ginikeli – Paathala Lokayen Bindak
Original price was: Rs 475.00.Rs 425.00Current price is: Rs 425.00. සරසවි ප්‍රකාශනයක් වශයෙන් ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ කෘති මාලාව යළිත් එළිදැක්වීමට ලැබීම ඉමහත් සතුටකි. 2019 වසර වනවිට මෙම කෘතීන් හරහා අනාවරණය කළ සිදුවීම් සමුදායට වසර තිහක් සපිරේ. තිස් වසරක් පුරා මෙම කෘතීන් පාඨකයන් විසින් පරිහරණය කිරීම මගින් පෙන්නුම් කරනුයේ අදටත් රටේ පවතින නොසන්සුන්කාරි වාතාවරණයයි. අදත් සිදුවන්නේ එදා සිදු වූ දෙයමයි. දැන හෝ නොදැන රටවැසියන්ට සිදු වී ඇත්තේ ගලා යන ගංගාව දෙස ඉවුරු දෙපස සිට බලා සිටින්නට පමණී.
– අනුර හොරේෂස්
ගිනි අවි සහ ගිනිකෙළි – කොමිසමේ අභිරහස
Gini Avi Saha Ginikeli – Komisame Abhirahasa
Original price was: Rs 590.00.Rs 530.00Current price is: Rs 530.00. ගැහැනුන්ට මොනවද කරන්න පුළුවන් යැයි ඇතමුන් ප්‍රශ්න කරති නමුත් දේශපාලනයෙන් නීතියෙන් සහ පුරුශාධිපත්යෙන් බැට කෑ ගැහැනියකට කල නොහැක්කේ කුමක්‌දැයි ඔබට ප්‍රශ්න කල හැකි වන්නේය.
– අනුර හොරේෂස්
මොනර කුටුම්බය – නවකතාව | Monara Kutubaya
Original price was: Rs 1,100.00.Rs 990.00Current price is: Rs 990.00.එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න…” යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය.
පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණුසපුව දෙසට ය.
තමන් ගිරයට අසු වූ පුවක් ගෙඩියක් මෙන් ගෙල මුලින්ම සිර වී ටිකෙන් ටික කැපී වෙන් වී යන්නට පටන් ගෙන ඇතැයි සද්ධාට හැගේ. ඒත් සමග සිය ආදරණීය බිරිඳ මහේෂිගේ හා පණ වැනි ආදරණීය දියණි දිල්මිගේ රූප සද්ධාගේ මනසේ එකපිට එක මැවෙන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑසට කඳුළු බිඳු පිරෙන්නට වූයේ එසැණින්ය.
“තමුන්ගේ නම මොකක්ද..?” ඉස්පැක්ටර්වරයාගේ ගොරෝසු හඬින් සද්ධා යළි මොලොවට විසි වී ආවේය.
”මේක විශාල මානුෂීය ප්‍රශ්නයක්. අපේ රටේ හුගක් පවුල් ඇතුළේ හුඟාක් ප්‍රශ්න පටන් ගන්නේ මෙන්න මෙතැනින්. මොකද මේ සම්බන්ධයෙන් ගැහැනු, පිරිමි දෙගොල්ලන්ටම හරි අවබෝධයක් නැතිකම හින්දා. ඒ හින්දා මිනීමරා ගන්නවා. හිරේ විලංගුවේ වැටෙනවා. දික්කසාද වෙනවා. දරුවෝ අනාථ වෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න දිහා අපි බලන්ඩ ඕනේ බොහෝම උපේක්ෂාවෙන්..”